අත් අරින්න බැරි සංසාරික ගැලපුමක් ළඟ ලෝභ හිතෙන බැදීමක් අපි දෙන්නටම තියෙන්නෙ.
" හැබැයි ඔයාට වඩා මං ඔයාට ආදරෙයි..."
" පිස්සි..මමත් ආදරෙයි..."
" නෑ...මමයි වැඩියෙන් ආදරේ..."
" අනේ ඇත්තටම කොහේ තිබුණද ඔය ආදරේ..."
" දන්නෙ නැහැ..ඒත් මගෙ පපුව පිරිලා ආදරේ උල්පතකින් වගේ ගලනව..."
" හම්මේ..මට දැනෙනව රත්තරං...."
" මේ..ඔයා කවදාවත් මං තරම් ආදරේ කරන්න එපා..."
" ඒ මොකද මැණික..."
" එතකොට මං පරදිනවනෙ අනේ..."
" මගෙ හොර කෙල්ල..."
" ඇයි..ඇයි.."
" ආහ් හරි හරි..ඔයා දිනුම් රත්තරං...ඒත් ඇයි වස්තුව මට මෙච්චරම ආදරේ කරන්නෙ..."
" ඔය ඉතින්..ආයෙ අහනව...මේ..පිස්සි හුස්ම වගේ ඔයාට ආදරෙයි අනේ.."
" මං දන්නව දන්නව..ඒත් මෙච්චරම. "
" ඒක අද ඊයෙ නෙමෙයි පැට්ටො..ආත්ම ගානක් තිස්සෙ මං ඔයාව හොයාගෙන එන්නෙ."
" ඒක නම් ඇත්ත තමා..කොහේද මගෙන් හැංගිලා හිටියෙ මෙච්චර කල්..."
" කෙල්ල හොර කෙල්ලනෙ..ඒකයි ඒ..."
" පිස්සි.."
"හරි හරි පිස්සි වුනාට මං ඔයාට පණ වගේ ආදරෙයි අනේ.."
කවුරුවත් කිවුවට පිළිගන්නෙ නැති..කාටවත් කියන්න බැරි ඔයාගෙයි මගේ මේ අප්රමාණ..අසීමාන්තික ආදරේ.. අනේ අපි දෙන්නගෙවත් ඇස් වහ වදින්න එපා. දවසින් දවස තව තවත් රැකෙන්න කියල ඉස්සර වගේම මං අදත් පතනව.
එකත් ජය සිරි මංගලම් කිවුවලු ද???????
ReplyDeleteහෙ හෙ..ආහ් ඔව්නෙ ෂැගී මල්ලි..
Deleteලස්සන ආදරයක් වගේ..සුබපතනවා ....
ReplyDeleteස්තුතියි රජ වීදිය ඔබට.
Deleteආදරේ හිතෙන ආදරයක්.... සුබ පැතුම් අක්කේ. දෙන්නටම. <3
ReplyDeleteස්තුතියි දරුවො..
Deleteඅලුත් උත්සහයටත් සුභ පැතුම්. ඇත්තට ම ඔබේ ගී පද රචනාවන් හරිම ගීතවත්. ඉදිරි ගමනට අපි සුභ පතනවා.
ReplyDeleteඔබේ අනික් බ්ලොග් එකෙනුත් මේකට පහසුවෙන් ප්රවේශ විය හැකි ලින්ක් එකක් දුන්නොත් තවත් වැඩේ පහසුවෙයි නේද????
මට එහෙම හදන්න තාක්ෂණික දැනුම නැතුව ඉන්නෙ කුරුටු ගෑ ගී පවුර.
Deleteහැමදේටම ස්තුතියි
මගෙත් මැරිච්ච සුන්දර මතක බොහොමයක් මේ එක්ක ආයෙමත් පණ ගහල ආව..දැන් තමයි තේරෙන්නෙ මතකයන් මරන්න බැහැ...ඇත්තටම ඒව ලේ,මස්,ඇට නහර හැම තැනම පැතිරිලා තියනව
ReplyDeleteඇත්තටම ඔව්. අපිට ඒව මරන්න බැහැ.
Delete