Monday, February 3, 2014

දණ නමා වන්දනා කරන්

මවට පියාට දෙවෙනි වෙන, වෙන දෙයක් අපිට ඇත්නම් ඒ අපි උපන් බිම. ලෝකෙ මොන තැනක ලක්ෂෙට කොඩි දාල හිටියත් අපි හදවතින්ම ආදරේ අපි ඉපදුණු රටට. මොන විදිහකින් නැහැ නැහැ කිවුවත් අඩුම ගණනෙ පුංචි හරි රිදුමක් එන හැගීමක්වත් ඇතිවෙනව ඕනිම කෙනෙක්ට. අපි ඉපදිලා හැදුණ වැඩුණ පරිසරයෙ අගය වැඩියෙන්ම දැනෙන්නෙ ඒ පරිසරයෙන් අපි අයින් වෙලා උන්නම. එහෙම නැත්නම් ඈත්වෙලා උන්නම. මම ඒක උපරිමව වින්දා. විඳිනව. 

මට මතකයි 2004 අවුරුද්දෙ පාන්දර තුනට විතර එමිරේට් ගුවන් යානයකට නැගල ඒක ගුවන්ගත කරනකොට කටුනායක ගුවන්තොටුපලේ පේන ලයිට් එළිය අන්තිමට පේනතෙක් මානය වෙනකම්ම බල බලා අඩපු හැටි. එදා ඒ දැනීම වැඩියම දැනුණෙ නන්නාදුණන පරිසරයක නන්නාදුණන මිනිස්සු අතරට වැටුණම. 

බලන බලන අත දූවිලි පාට කඳු විතරක් තියෙන වනෝද්‍යන කියල පයින් ගස් රකින, අපේ රටේ බෝක්කුවකින් යන වතුරටත් වඩා අඩුවෙන් වතුර වැටෙන කාණුවක් දිය ඇලි කියල හැතැම්ම ගණන් පයින් ගිහින් බලන ඒ ගැන ආඩම්බරෙන් කතා කරන ග්‍රික වැසියන් ඉන්න මේ පුංචි දුපත එක්ක මගෙ රට මට දෙව් පුරයක්. 

ලළනාවක්ගෙ කේෂ කලාපය වගේ කඩා වැටෙන සුදුම සුදු පෙණ පිඩු රැදුණු දිය ඇලි, බලන බලන අත කොළ පාටින් බබලන එක එක ප්‍රදේශය එක එක විදිහට කාලගුණය වෙනස්වෙන ඒ රමණිය දුපත මගෙ ලංකාව කොච්චර නම් සෞන්දර්යයාත්මක වටිනාකමක් තියෙනවද?

අවුරුදු දෙසිය ගානක් ඉතිහාසය තියෙන ඇමෙරිකාව ඒ අයගෙ පෞඪත්වය ගැන උදම් අණනකොට අවුරුදු දෙදහස් පන්සියයකටත් වඩා ඈත අතීතයක උරුමය තියෙන අපි කොයිතරම් අහංකාර විය යුතුද? ආගන්තුක සත්කාරයෙන් හදවත් පිරුණු ළබැදි මිනිසුන් පිරුණ ඒ රට ගැන මගෙ හදවතේ නැගුණ සිතිවිලි මම අකුරු කරන්න ගත්ත මගෙ හිතුවක්කාර හිතින්. 

රත්තරන් පාටට දිළිසෙන ඒ මහ පොළවෙ මුතුකැට වන් උරුමය මං දෙන්නෙ මගෙ පුතුට මිසක් වෙන කාටද..? මං නැතත් මගෙ පුතුව රකින ඒ පින්වන්ත බිමේ අයිතිය මගෙ පුතුට. 
දණ ගහල වඳිනව කියනව ඇරෙන්න මං වෙන මොනව කියන්නද?

මගේම පුතෙක්ව හදවතේ මවාගෙන ඔහු වෙනුවෙන් මගෙ අතින් ලියවුණු ගීතයක් මෙය. 

ගායනය - අජිත් ප්‍රේමලාල් 
             - තිළිණි විජේරත්න.
සංගීතය - චාමර හපන්ගමගෙ.



ගීතය මෙතනින් අහලම හිතෙන දේත් කියල යන්නකො.

එහෙම නැත්නම් https://www.youtube.com/watch?v=Dva-9ynoalk යූ බටෙනුත් පුලුවන් ඔන්න ඕක ක්ලික් කරන්න




4 comments:

  1. බොක්කෙන්ම ලියල තියෙනව..

    ReplyDelete
  2. ඔයාගේ Lyrics සුපිරි අක්කියෝ...මතකද මාව..මම දවස් කීයක්නම් කිවුවද මට ලියලා දෙන්න කියලා එකක්..කෝ ලියලා දෙන්නේ නෑනේ ඉතිං...ඉතිං මම ඉල්ලන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. අක්කියෝ මේ විදිහටම වගේ එකක් තියෙනවා අමිල් තරංග කියන සින්දුවක්..මේකත් සුපිරි අක්කියෝ....

      Delete