Showing posts with label නොගැයූ ගීත. Show all posts
Showing posts with label නොගැයූ ගීත. Show all posts

Saturday, July 4, 2015

ජීවිතේ උදෑසන ඇවිත්





ජීවිතය මීවිතක් සේ රීතියක් ඇතිව හෝ් නැතිව හෝ ගෙව්වද සදාකාලික

සම්මත න්‍යායකට යටත් විය යුතුමය. කිය කියා නොපැමිණෙන, හඬ 

හඬා යන්නට සැරසෙන, තැනකින් අත් හැරෙද්දී තැනකින් අල්ලා ගන්නා 

චක්‍රයක් කඩා බිඳ සුණු විසුණු කරන්නට හැක්කේ සැබෑම 

ජයග්‍රහකයෙකුටම පමණි.

නතර කළ තැනින් අතරමං වෙවි අල්ල ගන්නා සසර නිතර නිතර ගිලි 

ගිලී වැළපෙනා තැනක් බවට අපත් පත් කළ ගත යුතුමද ?

සිතන්නට ඔබට බාරයි.

Thursday, March 26, 2015

දළදා හිමියනි මෙය අහගන්නේ ( නොගැයූ ගීතය )

හරියටම වසරකට වඩා ගොස් ලිපියක් ලියන්න වීම ගැන පලමුව සමාව. ඉදින් මගේ ගීතය මම ම අවුස්සන මගේ බ්ලොගයේ අද මම ඔබට කියන්න යන්නෙ ගීතයක් නොවුන මගේ ගීයක උපත ගැන.

එදා පෙරහැර කාලෙ.. පෙරහැර කාලෙ කිවුවෙ නුවර ඇසල පෙරහැර කාලෙ. ෆේස් බුක් එක පුරා වගේම සියළු මාධ්‍යයන් තුල පෙරහැර ගැන විවිධ විස්තර යනව. ඔය අතර නානප්‍රකාර දෑ කියවමින ්සිටි මට කරඪුව ගෙනියන ඇතාගේ ඉතිහාස කතා කියවන්න ලැබුණා. මේ දේවල් මෙසේ කියවද්දි අද අපේ රටේ සිටින අලි ඇතුන් ගැන සහ ඔවුන්ට සිද්ද වෙන හිංසා පීඩා ගැනත් සෙවීමේ උණක් මට වැළදුනා.

පොත පත හිඟ වුනත් අන්තර් ජාලය පුරා පීර පීරා මා මේ පිළිබද පිපාසිතව සෙවුවා. එදා මං ඉගෙන ගත්තා අපි කොයිතරම් මේ සතුන්ට ජීවත් වීමේ අයිතිය අහිමි කරලද කියල. ඒ ඔස්සේ සිටින විට මා අතින් ලියවුන පදවැල් ටිකක් මේ.

ඉතින් මේ පදවැල් ටිකත් තියාගෙන 2013 වගේ පෙරහැර කාලෙ අල්ලල මේක ගීතයක් කරන්න ඕනියි කියන නොනිම් ආසාව මට ආව. ඒත් සංගීතය /තනුව වගේම ගායකයෙක් සම්බන්ධව දරන්නට සිදුවෙන විශාල මුදල ළගදි මගේ සිතුවිල්ල සිතුවිල්ලක්ම වුනා.

ඔහොම කාලෙ ගෙවද්දි 2014 වසරේ ජාතික සාහිත්‍ය තරඟවලට අයදුම්පත් කැදවල තිබුණ. මාත් ඕන එකක් කියල ඉදිරිපත් කලා මට අයිතා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. එහිදී ප්‍රාදේශීයව පළමු තැන දිනාගෙන දිස්ත්‍රික් මට්ටමේ තරඟ වලට යවල තිබුණ. එතනිදී කළුතර දිස්ත්‍රික්කයේද පළමු තැන හිමි කරගන්න මේ පද වැලට හැකි වුනා.

කොහොමින් කොහොම හරි ගීතයක් නොවුන මගේ මේ ගීතය අද ඔබත් එක්ක මං බෙදාගන්නව.


Saturday, July 27, 2013

ඔබයි - මායි

හිමි වීම්ම විතරක් තිබුණ නම් ජීවිතය කියන ගමනෙහි කොයිතරම් සුන්දරත්වයක් ඇද්ද?
ලක්ෂ කෝටි ගණනින් ඉපිද මැරෙන සිතුවිලි ළඟ හෙට ගැන හදවතේ පණ ගැහෙන සිතුවිල්ල මෙන්න මෙහෙමයි කියන්නට බැරීවීම තරම් දුකක් තවත් ඇද්දැයි මා සොයමි. වෙහෙසෙමි. 


හොල්මන..කෝ කොහෙද...

ඇයි මේ ඉන්නෙ..මාව පේන්නෙ නැද්ද..

අපොයි පේනව..ඒ වුනාට ඔය අහස පොළව ගැට ගහන්න වගේ මොනාද හිතන්නෙ..

මොකුත් නැහැ...



මොකුත් නැත්නම් යනව කටු ගෙට..

කියන කම් ඉදියෙ...

දැන් කිවුවනෙ යනව ඉතින්..

අන්න ඒ වගේ දවසක ඔයාට එපා වුනොත් මට කියන්න..

මැටි පූසි..මේකිට දෙයක් කියන්න බැරි හැටි..

මෝඩියෙ ඉන්න මොහොතෙ හිනාවෙලා ඉදින්

එහෙම ඉන්න ආසයි..ඒත් මට බයයි අයියා..

ඇත්තමයි මේකි මොකකට මෙච්චර ලොකු ඔලුවක් දුන්නත් වැඩක් නැහැ..තියෙන්නෙම මැටිම තමා..

මැටි වුනත් මං කියන්නෙ ඇත්තනෙ

මොකක්ද ඇත්ත...

මට අයියව නැති වෙයි කියල බයයි...

අපෝ හොටු කෙල්ල..ඔය ඒ වචන ටික කියා ගන්න බැරුව ඇස් දෙකෙන් ටැප් එක ඇරල...

මං නැතිවෙන්නෙ නැහැ බොල..ඒත් අපිට මොනා වෙයිද කියල අපි දන්නවද මැණික...


ම්..ඇත්ත..නිමක් නැති සිතුවිලි වැල් ළග ඇවිදින් නවතිනකොට මට මෙහෙම නොහිතා තියෙයිද..?

මම ආසයි පෙම් කරන්න 
එක කඳුළක් බිම නොහෙළා 
ඔබ එනවද හිත් මළුවේ 
පරිස්සමට අඩි තියා....

 රහසින්වත් කඳුළක් වැටෙන්නෙ නැතුව ආදරේ කරන්න තිබුණ නම්, අනේ කොයි තරම් සුන්දරද..? 
ඒත් සියල්ලම අනිත්‍යය වු මේ ලෝකෙ අපිට එහෙම උරුමයන් ලැබෙන්නෙ නැහැ. 
කොයි දේකත් දෙපැත්තක් තියෙනව. හිනා වුනොත් අඬන කියන වචනෙත් තියෙනව කියල අපි දැනගෙන ඉන්න ඕනි. ඒ තමයි ඇත්ත.. යථාර්තය.. 

ඈතින් පේන මධ්‍යධරණී මුහුදෙ රැල් නැගෙන හැටි සඳැල්ලෙ ඉදන් බලා ඉන්න මගෙ ඇස් රැවටෙනව. 
ඒ රැලි අතරින් ඔයා එනව කියල මට හිතෙනව. මගෙ හිසට අතක් තියල ලෝකෙ ගැන තේරුම් කරල දෙනව වගේ දැනෙනව..

මල් ගස්වල මල් පිපෙන්නෙ 
පරවෙන හැටි කියාදෙන්න 
තෙත් වෙන නෙත් හිස් කරන්න 
එක පාරක් හිනාවෙන්න....

හරියට ඉස්සර දවසක ඔයත් එක්ක තරහ වුනාම මතකද ඔයා කියනව ....
ම්...ම්..පිස්සියෙ....
ඇයි....
දැන් හිතන්න කළුවර එන්නෙ ඇයි..
මං දන්නෙ කොහොමද....
ඉරට මහන්සි හින්දා..
අනේ යනව යන්න.....
යනව යන්න නෙමෙයි......ඉර දවාලෙ දුන්න ආලෝකය රැස් කරගත්ත සඳ ඉර නැති අඩුව මකනව. 
හැබැයි අපි නොහිතන දේ හරියට බැටරියක් චාර්ජ් කරනව වගේ..
ඒත් ඊටත් වෙනස්..ඒ ඉර එළියෙ හඳ එළියෙ ආලෝකය අරගෙන ලෝකෙ ලස්සන කරන්න මල් පිපෙනව.. නමුත් ඇයි ඒ මල් පිපෙන්නෙ අපිට ලස්සන කියල දෙන්නෙ.. හැබැයි ඒ පිපුණ මල්ම පරවෙනව..ඒ අර ලස්සන තාවකාලිකයි කියල ආයෙමත් අපිට කියල දෙන්න...

බුදු අම්මෝ මෙයා දන්න දේවල්...
දන්න දෙයක් නෙමෙයි..කාටත් දැනෙනව සුදු..ටිකක් නැවතිල්ලෙ හිතන්න..
අනේ මට එච්චර මහන්සි වෙන්න ඕනි නැහැ..
දවසක මහන්සි වෙලා හිතන්නම වෙයි..
පිස්සු හැදෙයි....
පිස්සු හැදෙන්නෙ මෙන්න මෙහෙයි...
ඌයී....අත අතරින්නකෝ 
බෑ..හිනාවෙයන්...හිනාවෙයන්....
බෑ...මං හිනාවෙන්නෙ නැහැ.....
ඇත්තද...ඔය මුහුණ මෙන්න මෙහෙමයි...
ඊයා..හැටි විතරක්..වඳුරෙක් වගේ....
ආහ්...දැක්කද වඳුරගෙ මූණ දැකල හිනාවුන හැටි..... "ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි නගා....." මට බයයි මේකිව කවුරු හරි උස්ස යයිද කියල...
ඔව් ඔව් මම යයි...
යන නොයන හැටි කොහොම වුනත් කොයිවෙලේවත් ඇස් දෙක තෙත් කරගන්න එපා රත්තරං.. ඒ වෙලාවට එක පාරක් හිනාවෙන්න. ජීවිතේ දැනෙයි ඔයාට....

ඇත්ත..ඒ ජීවිතේ දැනෙන හැටි මං හුස්මක් හුස්මක් ගානෙ අද විදිනව. අපි අද ලෝකෙ කොහේද.. හැතැක්ම දාස් ගානක් ඈත. ඒත් පුංචි දේටත් මටත් නොදැනිම හිල්වෙන අහසක් වගේ ඇස් දෙක ඉස්සර වුනාට ඒ මැද්දෙන් හිනාවන්නෙ කියල දුන්නට කොහොම නම් මං පිං දෙන්නද....?

 ආදර ගඟ ගලා යන්නෙ 
නැහැ තැන තැන නතර වෙන්න 
සයුර වෙලා වැළද ගන්න 
ඔබට හැකිද මට කියන්න..

ඒත් ආදරේ ගලන හැටි ඔයාට කියන්න මට තේරෙන්නෙ නැහැ. ඇගේ හැම ලේ බිංදුවක් පුරාම තියෙන්නෙ ආදරේ..ඇට..මස් කකියනව ආදරෙන්... කොයිම මොහොතකවත් නතර කර ගන්න මට බැහැ... 
ඇස් ඇරෙන මුල්ම මොහොතෙ ඉදන් ඇස් පියවෙන මහ රෑ මැද්ද වෙනකම් නෙමෙයි නිදි ලෝකෙ සිහිනටයත් ඇවිදින් ළග ඉන්න හැටි දන්නෙ මං විතරයි..
 ගලායන ගඟක් වගේ මේ ආදරය..කිසිම බාධකයට නතර වෙන්නෙ නැහැ... ඒ ගඟ ගලා යන කොට පෙර මඟක ඉන්න සයුරක් වගේ 
එහෙම ඇවිදින් මාවත් බදා ගන්න පුලුවන් නේද...?

ඉර හඳ තරු වඩාගන්න 
සිඳු හට නෑ බර දැනෙන්නෙ 
හිත් කරදර මැකීයන්න 
ඔබ ඇවිදින් නතර වෙන්න...


සිහින කියන්නෙ බිඳෙන දෙයක්...ඒක මං හැමදාම කියන දෙයක්..දැනෙන දෙයක්..
ඒ වෙලාවට ඔයා
....
අනෙ මගෙ පිස්සි කියල මට හිනාවෙනව...
එකම චැට් හිස්ටොරිය....කතා කරන කෝල් එකක වචන ගැන ඔයා යන්න ගියහම ආයෙ එනකම් මට කඩපාඩම් වෙන තරමට මතකයෙ ගැවසෙනව...
හැම පුංචි අකුරක් ගානෙම..වචනයක් ගානෙම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑරම මං තනියම හිතනව කියල ඔයා දන්නෙ නැතුව ඇති...
ඒත් ඇත්ත ඒකයි...    

ආදරය කියන එක මේ තරම් හදවතක හැඟුම් දළුලනව කියල මං අත් විඳල තිබුණෙ නැහැ...
 
ඒ සියල්ලම තව තවත් වැඩි වෙන්නෙ ඔයා ඇවිදින් හිත සනසන්න ජිවිතේ අලුත් අලුත් මල් ඉන්දනකොට.. සත්තයි ඒ හැම මල් පොහොට්ටුවක් ගාවම මම අලුත්ම අලුත් කෙනෙක් වෙනවත ජිවිතේට ලෝබ හිතෙනව.
ලෝකෙටම වටින ඉර හඳ තාරකා දෝතින්ම බදාගෙන වඩාගන්න තරම් ශක්තියක් මහ සයුරට තියෙනව. කවදාවත් සයුරට ඉරහඳ තරු බරයි කියල දැනුනෙ නැහැ හිතුණෙ නැහැ. ඔයාටත් මාව එහෙම දැනෙන්නෙ කියල හිතෙනකොට මං කොච්චර වාසනාවන්තද...

ඒ හැමදේම පැරදෙන්නෙ ඔයා ආත්ම ගාණකට නෙමෙයි මේ සංසාරෙ නිවන් දකින්න උපදින දා තෙක්ම මාවම ඕනෙයි කියල කියනකොට මගෙ මුළු හිතම නිවී පහන් වෙනව. සත්තයි.















Thursday, May 30, 2013

*** නොලැබීම ***

සිහිනයියා....මට ඔයාව මතක් වුනා...
ඒ අහම්බෙන් නෙමෙයි..ඇත්තටම...
මුළු නුවර පුරාම ඔය අතේ එල්ලිලා ඇවිදගෙන ගිය අතීතය මතක් වුනා..
හ්ම්..ඇත්තමයි...
නුවර පොලිසිය ගාවින් පුෂ්පදාන කන්ද නැගල හති දදා ඇවිද ගියපු අතීතය මතක් වුනා... 


මහවැලියෙ දිය බිංදුවක් බිංදුවක් ගානෙ වෙන වෙනම අරන් සාක්ෂි කියන්න පුලුවන් නම් ඒ ආදරේ වෙනුවෙන් පෙනී සිටියි..

අපේ ආදර විත්ති කූඩුවෙ තීන්දු තීරණ හැමදේම සිද්ද වුනේ අපි හිතුවෙවත් නැති විදිහට...


දන්නවද හරිම පුදුම විදිහට ඔයාව මට මතක් වුනේ ඇයි කියල...
ඒකත් මහ පුදුමයක් සිහිනයියෙ...හැන්දෑවෙ චුරු චුරු අහසක් වගේ මලානික වෙච්ච මුහුණින් ජනෙල් පියන්පත් අරිනකොට මාව පෙරළනෙ යන වේගෙන් ආව සුළඟත් එක්කම මට හන්තාන කන්ද නැගපු අතීතය මතක් වුනා..
එදා අයිය ගාවින් හමපු මුදු පිරිමි සුවඳ අදත් එනවද කියල බලන්න මං මේ සුළඟට මුළු හදවතම විවර කළා...
ඒත් එදත් අයියගෙ සුවඳ හුළග ගෙනිච්ච වගේම අදත් හුළඟ එක්කම ගිහින් කියල මට තේරුම් ගියා...පැනල බදාගන්න හදපු අතීතයෙ වගෙම අද මේ වත්මනෙත් ආදරේ හිස්තැනක් නේද කියල මට මතක් කලා...

නන්නාදුනන රටක හතර වටින්ම මහ මුහුදකින් වටවෙලා දුවගෙන දුවගෙන ගිහින් හැංගෙන්න මගේම කෙනෙක්වත් නැති දිහාවක තාමත් මං ජිවිතේ එකතු කරනව කියල දැනෙද්දි පුදුමත් හිතෙනව අයියෙ...


...සත්තමයි...මේ අහස අල්ලගෙන විරාජමානව තියෙන මහා බිල්ඩිම්වල සෙවනැල්ලත් මාව බය කරනව...
මං ගැස්සිලා ඇස් පිල්ලම් ගහන වාර ගාන මෙච්චරයි කියල කියන්න බැහැ.

පිස්සි..මොකද මේ ගැස්සිලා...
ආහ්...මං මොකටද ගැස්සෙන්නෙ..අයිය මං ළඟ ඉන්නකොට...
අපෝ ඔව්..චණ්ඩිකම පේනව ඔය කම්මුල් දෙකේම රතු පාටින්...
...අනේ යන්න අයිය යන්න...
...හා මං යන්නම්...ඔයා මෙතන ඉදන් තනියම යන්නකො...
ඒ ඉස්සරම දවස්....

තනියම දාල යනව කිවුවට කවමදාවත් දාල ගියෙ නැහැ...ඒත් කවදාහරි එනව කියල ගිය ඔයා අදටත් නැහැ කියන්න විතරක් මං දන්නව.
එහෙම වෙලාවට මං මැරි මැරි ඉපදෙන වාර ගාන මෙච්චරයි කියල මට කියන්න බැහැ අයියෙ.


මං දන්නව මේ කිසිම අකුරක් අදවත් මතුවත් ඔයා දකින්නෙ නැහැ.. දකින්න ලැබෙන්නෙත් නැහැ...

ඒ වගේම එදා හිටපු දඟමල්ල පුංචි කෙල්ල අද ජිවිතේ පරිණත වගකීම් සහිත කෙනෙක්...
එහෙම කිවුවම මට හිනාවෙයි නේද...ඒත් නොහිතනම ඇත්ත ඒක අයියෙ..පාර පැනගන්න බැරුව ඇගිල්ල කට ඇතුලෙ දාගෙන අයියගෙ මුහුණ දිහා බලපු චුටි කෙල්ල අද ලෝකෙ තව දිහාවක...
ජිවිතේ පරදින්න බැරිකමට ආදරයෙ පැරදුම බාරගත්තා කියලත් වෙලාවකට මට හිතෙනව...
මේ දැනුත් පපුව හාරල වගේ රිදුමක් ඇවිදින් ඇස් දෙක ලොකු කඳුළු ගුලියකින් බොඳවෙනව වගේ...

අයියෙ මට මාළිගාවට යන්න ඕනි...
ඉතින් මට කියන්නෙ...අර ඔයාගෙ මහ ලොකු යාළුවො ටික ඉන්නෙ...
ආහ්...මට ඕනි ඔයා එක්ක යන්න...
ඇයි කකුල් දෙක මං ගාවද...
ඔව්...ඇයි...
එන්න එපා එකටෙක කියන්න....මෝඩි...
ඔව් මං මෝඩි තමයි....
එහෙනම් මොකටද පොත් තෝරන්නෙ....
කොල්ලට දෙන්න...

ආහ් ඇත්තද....
 එදා අපේ ඉස්කෝලෙ ඉස්සරහ ශාන් බුක් ෂොප් එක ඇතුලෙදිම මගෙ කණ මිරිකපු හැටි ...
මේ දැනුත් නොදැනුවත්ම අතින් කණ අතගෑනෙව...

ඒත් පුරපෝය හඳ වහ ගන්න කළු වලාවක් වගේම අයිය මගෙ ජිවිතෙන් නොපෙනි ගියා...එදාවත් තවමත් මට මාළිගාවට යන්න බැරි වුනා කියල අයිය දන්නෙ නැතිව ඇති..

එදා බුක් ෂොප් එකේ ඉදන් එද්දි ටවුමෙ කැසට් බාර් එකකින් අයිය අරන් දුන්න දිවුල්ගනේගෙ කැසට් පටය මට දැනුත් මතක් වුනා... ඒක අයියයි මායි දෙන්නම ආස කරපු එකම සිංදුව.

.....මා ඔබත් එක්ක සුහඳ කතාවක්
ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්.....

අද අපිට ඇස් දිහා බලන්වත් ප්‍රේම කරන්න බැරි බව දන්නෙ අපි අපිම විතරයි...

හීයක වේගෙන් වගේ අතීතයට දුවගෙන යද්දි මහා වැස්සටත් වැඩියෙන් දිය ගලන් වැටෙන්නෙ මගෙ පුංචි ඇස් දෙකෙන්...
අහම්බෙන්වත් ඔය ඇස් දෙක තෙත් කරගන්න එපා පිස්සියෙ...

කියල ඔයා කොච්චර නම් කියන්න ඇද්ද... 
අහම්බය කෙසේ වෙතත් දැන් පුරුද්දක් වගේ හැම පුංචි දේටත් මගෙ ඇස් දෙකේ තෙත පිරිලා...

කවමදාහරි නීතිඥයෙක් වෙලා මහනුවර උසාවියෙ කෝට් දාගෙන ඇවිදින මඟෙ දඟ මල්ල මට මැවිලා පේනව...

කියපු සිහිනයියෙ අද කියන්න ඉතුරුවෙලා තියෙන්නෙ මේ ගමන් මඟේ දැනෙන හැමදේම තාලයකට හරවල අකුරු කරන්න පුරුදු වුන කවදාකවත් සිහිනයකවත් නොතිබුණ කවිකාරියක් වෙලා කියල විතරමයි..

ඒත් ඒ හැම කවියකමත් ආලය මට පැටලෙනව කියල කියාගන්න දන්නෙත් මංම විතරයි...