Thursday, February 28, 2013

සාඳු නාද දී එන්න...

        හිමි අහිමි කම් ළඟ ගලා යන ජිවිතේ මෙන්න මෙතනයි නිවැරදිම තැන මෙන්න මෙතනයි වැරදුන තැන කියා කියන්න බැරි වෙලාවල් වලදි අපිට අපේ හදවතේ ඉපදෙන අනේක විදි සිතුවිලි පෑන් තුඩෙන් කොහේ හෝ ලියනව. සමහර වෙලාවට හදවතේම ලියා ගන්නව . ඒ වගේමයි කොයි තරම් ගොන් කම් කලාද කියල අපිට තේරෙන්නෙ ඕනිම දෙයක් සිද්ද වෙලා කාලයක් ගියාට පස්සෙයි.

           අතීරණයක දවස් ගෙවද්දි දහ අතේ දුවන සිත මුරණ්ඩු කම් කරද්දි භාවනාවක් වගේ අකුරු දිගේ ඇවිදීම ඇත්තටම මට සැනසුමක් වුනා. දැනුවත්ව හෝ නොදැනුවත්ම මා වඩාත්ම ආදරය කරන ගීතය දිහාට මගේ හිත පිය නැගුව. කවමදාහරි හො ගේය පද රචිකාවියක් වෙන එක අරමුණට තියාගෙන අකුරු ගලපද්දි දවසක් දන්න හදුනන අපේ හාමුදුරු කෙනෙක් කතා බහ කළා. ඒ කතා බහ එක්ක තමයි මගේ මේ කියන්න යන ගීතය උපත ලබන්නෙ.

     උන්වහන්සේ අපි හුඟක් අය දන්න ධම්මසිද්දි හාමුදුරුවො. ඒ දවස්වල උන්වහන්සේ ධර්මය අන්තර්ජාලය හරහා ප්‍රචාරය කිරීමට ගුවන් විදුලියක් ආරම්භ කිරීමේ කටයුතු වල ඉතාමත් වෙහෙස මහන්සිව කටයුතු කරන සමයක්.

         මේ අරඹන ගුවන් විදුලියට තේමා ගීතයක් අවශ්‍ය වෙලා තියෙනව. ඉතින් මුහුණු පොතේ මම වගේම ලියන කියන කිහිප දෙනෙක්ට කියල තියනව තේමා ගීතයක් ලියල දෙන්න කියල. මමත් ඒ අතර කෙනෙක්. ඉතින් මම ගැන කියන්න ඕනි නැහැනෙ. අංක එකේ පොලු කාරයෙක් කිවුවොත් කවුරුත් පිළිගන්නව. මොකද අධික වෙහෙසව රාජකාරි මැද්දෙ බුකියෙ මොකක් හරි ලියල ගියාට ගීතයක් ලියද්දි මම නිවි සැනසිල්ලෙ හිතනව. ඒ ගැන අකුරෙන් අකුර හදවතේ ගොඩනගාගෙන මං ඒ අකුරු ඇතුලෙ ජිවත්වෙනව.

            ඉතින් කිවුව වගේම මම මේකටත් පොලු කාරයෙක් වුනා. ඒත් මේක මගෙ හදවතට ටිකක් විතර සමීප වුනා.. ඔන්න වචන ටිකක් ලියන්න ඕනි කියල හිත කිවුව. අපිට ඉතින් පෑන් පොත් අරගෙන ඒව පිරෙන්න ලියන පුරුද්දක් නැහැනෙ. බොරු කියන්නෙ මොකටද.. ලැප් එක ළඟ නැවතිලා ඒකෙම යුනිකෝඩ් වලින් කොටනව ඇරෙන්න..

                   මම ඉතින් පෝය දවසක ලස්සනට හඳ පායල තියෙනව හිතේ ඇදගත්ත. ඒ පෝය හඳ මම ධර්මයට උපමා කළා..පෝය හඳ පායපු අහස හරිම පින්බරයි. ඒක අපි කාගෙත් ඇස් වලින්ම දැකල තියෙනවනෙ. ේද... අර පායපු දහමෙ හඳ නිසා මුළු මහත් ලෝකයම පැහැබර වෙලා කියල මට හිතුණ. ධර්මයෙ ආලෝකය ලෝකයට වැටෙනව. මම කියනව මිනිසුන්ට සාඳු නාදය දීගෙනම එන්න. යන්න ඇවිදගෙන සංසාර ගමනෙ කියල. ඉතින් අර දහමින් පිරුණ පුන්‍යවන්ත සඳ තමයි දහම් ගගන රේඩියෝව.  

         ධර්මය ලෝ පුරා බෙදා හරින, මුහුණු පොතේ මා දන්නා විදිහට ප්‍රථම දහම් ගුවන් විදුලිය  තමයි දහම් ගගන රේඩියෝවත්.ඉතින් අපේ හාමුදුරුවන්ගෙ මුලිකත්වයෙන් පටන් ගන්න යන රේඩියෝවට මම තේමා ගීතයක් ලියල යැවුවෙ ඔන්න ඔහොමයි.  ඒක ඉතින් මට අමතකයි ටික දවසක් යනකොට.  ඔන්න දවසක් අපෙ හාමුදුරුවො මට එවනව බුකියට පණිවිඩයක්.  අක්කගෙ ගීතය රේඩියෝ එකේ තේමා ගීතයට අපි තෝරගත්තෙ කියල. මට දැනුන සතුට මෙපමණයි කියන්න බැරි වුනා..කොයිතරම් අකුරු ගලපන් හිතට එන දේවල් ලිවුවත් ධර්මය බෙදා දෙන තැනක මෙහෙම ලියවුන අකුරු ටික මට කෝටියක් වටිනව. මේ තියෙන්නෙ ඒ ලියවුන අකුරු ටික.  මේ අවුරුද්දෙ නව වසරට සුබ පතන්න එක්ක අපේ හාමුදුරුවො බුකියෙ මගෙ බිත්තියෙත් එල්ලල තිබුණ.




අකුරු ටිකෙන් තේමා ගීතය දැක්කනෙ. මේ අකුරු ටිකට පණ දෙන්නෙ මාතර D'TAP එකේ නායකය වෙන දයාන් අරවින්ද. තනුව වගේම හඩත් ඔහුගෙ. දැන් ඉතින් ඔබට අහල බලන්න ඕනි නේද ඒ මියුරු ගීතය.

මේ තියෙන්නෙ. අහලම ඉන්නකො.







මගේ හිතේ ඇතිවුන හැගීම මම ඔබට කිවුවට වඩා  සිය දහස් ගුණයකින් වැඩි කරමින් දැනෙනව නේද ගීතය රස විදිද්දි. ඉතින් තව මොනව කියන්නද අපේ හාමුදුරුවන් ධර්ම ප්‍රචාරය කරගෙන යන රේඩියෝව තමයි මේ..

http://www.dahamgagana.com/

ඔබටත් ඩ ලැබෙන වෙලාවට රේඩියෝ එක අහන්න. මොකද ජිවිතේට..සංසාර ගමනට නිවැරදි මඟ කියන බණ දහම්, භාවනා වැනි බොහොම හරවත් දේ විතරමයි ඒ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙන්නෙ.  ඉතින් මෙවන් පුන්‍ය කර්මයකට මා සහභාගි වුන හැටි සහ එහි උපත ගැන තමයි අද මම මගේ ගේය පද රචනා වලදි ඔබට ගෙනාවෙ.
 මාව එවන් දෙයකට සහභාගි කරගත්ත අපෙ හාමුදුරුවන්ටත් පුන්‍යානුෝදනා කරන ගමන් නිඳුක් නිෝගී දීර්ඝායුෂ පතන්න මම ේක අවස්ථාවක් කරගන්නව.


ඇවිත් කියවල යන ඔබ හිතට දැනෙන වචනයක් ලියල යන්නත් අමතක කරන්න එපා. 

මම
දිනිති.





9 comments:

  1. අද ආමී
    නැවතත් එමී
    ගේ පද ඇසීමි..
    සුබ පතනෙමි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලි...

      Delete
  2. දයාන්ගෙ වොයිස් එකට නියමෙට ගැලපෙනවා...
    පද ටිකත් නියමයි....
    සුභ පැතුම්... ජයවේවා !

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි යසිත්....

      Delete
  3. අන්න හරි අක්කා ගීතයට පදනම් වෙච්ච හේතු ගැනත් ලියන්න.ඒවා එතකොට අපි දකින විදියට වඩා වෙනස් විදියකට වුණත් වඩාත් ඇත්තම විදියට විදගන්න පුළුවන්නේ.රත්න ශ්‍රී සර්ගෙ වුනත් අපිට වැඩිපුරම දැනෙන්නෙ හේතුත් එක්ක අපි දන්නා ගීපද නේ.ඉතින් සුබ පතනවා අක්කේ... දිගම දිග ගමනක් යමු!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මගෙ පුංචි නංගියේ.....

      Delete
  4. නියමයි ඇත්තටම ලස්සන සින්දුවක් ....!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හුගක්ම..

      Delete
  5. ලස්සනයි ඔබෙි නිර්මාණ

    ReplyDelete